අරක්කු සහ රා වලට වහ වැටිලා වතුකර ජනතාව ඡන්දය භාවිතා කරනවා යනුවෙන් මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතාගේ ප්රකාශනයට තමන් මුළුමනින්ම විරෝධතාවය ප්‍රකාශ කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ කඳුරට ජනතා පෙරමුණේ නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය පක්ෂ කාර්යාලයේ මාධ්‍යය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ
කඳුකර ජනතාව කියලා කියන්නේ ගෞරවාන්විත විදිහට ජීවත්වන ජන කොට්ඨාසයක් , අපිට හැමදාම කියන්නේ සුළු ජාතියේ අය කියලා.
මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතා කියනවා වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගන්නා ප්‍රමිතියෙන් තොර රා ලබා දෙනවා කියලා, මත්පැන් පානය කරලා තමයි ජන්දය දාන්න එන්නේ කියලා,
වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වය අඩු නිසාත්, බොහෝ වතු කම්කරුවන් බහුල වශයෙන් මත්පැන් පානයට හුරු වි සිටින නිසාත් අරක්කු වලට ඔවුන් ජන්දය ලබාදෙනවා කියලා ඔහු කියනවා,
මේවා ඇත්තටම අමූලික බොරු චෝදනා, වතුකරයේ ජනතාව ඇත්තටම දැන් 80% පමණ බුද්ධිමත් ජනතාවක් ඉන්නේ.
කඳුකර ජනතාව කියන්නේ ගෞරවාන්විතව ජීවත්වන පුරවැසියන් පිරිසක්, කඳුකර ජනතාව මේ විදිහට අවතක්සේරු කරන අය පිළිබඳ අපි කණගාටු වෙනවා.
එවැනි ප්‍රකාශ කරන අය පිලිබදව මැතිවරණ කොමිෂන් සභාව හොයලා බලලා නිසි විසදුම් ගන්න අවශ්‍යයි යනුවෙන් පැවසිය.