ආණ්ඩු බලය ලබා ගැනිමට රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට වත්මන් රජය අපොහොසත් වි ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ පස්වරුවේ හැටන් නගරයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වත්මන් රටේ පාලකයින් විපක්ෂයේ සිටියදි තමන් බලයට පැමිණි විගස විශාල කාර්ය භාරයක් සිදු කරන බවට පවසා ජනතාව මුලා කර රාජ්‍ය බලය ලබාගත් බවත්, බලය ලබා ගැනිමෙන් පසු මේ රටේ පවතින සහල් මාෆියාව අවසන් කිරිමට වත්මන් පාලකයින්ට නොහැකි වි ඇති බවයි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට වු පොරොන්දුව එලෙසින්ම ඉටු කරන තෙක් විපක්ෂයේ මන්ත්‍රිවරුන් බලා සිටින බවත්, රටේ සොරකම් කල අය අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට වු පොරොන්දුව ඉටු කරනතෙක් විපක්ෂය බලා සිටින බවයි.
වත්මන් පාලකයින්ගේ ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කරමින් සමුපකාර ජන්දය ජාතික ජන බලවේගයට ලබා නොදිමේ තත්ත්වයක් උද්ගත වි ඇති බවද පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් පැවසිය.