Spread the love


නිමල් රාජපක්ෂ-

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර යල කන්නයේ වගා හානි සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 100,000 ක උපරිමයකට යටත්ව වන්දි මුදල්ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදීයර අද දින (19) පෙරවරුවේ අඟුණකොළපැලැස්සේ දී ඇමතිවරයා අතින් සිදු කෙරිණි.

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් රජයේ මුල්‍ය ප්‍රතිපාදන ලැබෙන තෙක් එම මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 389ක් මෙම පළමු අදියර සඳහා වැය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවූ ගොවීන් 375කට අමාත්‍යවරයා අතින් වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබීය. මෙම වන්දි මුදල් ලබා දීමේදී වී, මිරිස්, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි හා ලොකු ලූනු යන බෝග සඳහා වන්දි පිරිනැමේ. ඒ යටතේ නියඟය, අධික වර්ෂාව හා වනඅලින්ගෙන් සිදුවන හානි සැළකිල්ලට ගෙන මෙම වන්දි පිරි නැමෙනු ඇත.
දැනට සිදු කර ඇති සමීක්ෂණ අනුව නියඟය නිසා අක්කර 65,000ක් ද, වර්ෂාව නිසා අක්කර 11,000ක් ද හානියට පත්ව තිබේ. හෙක්ටෙයාර් එකකට රුපියල් 100,000 ක් බැගින් උපරිමයකට යටත්ව වගා හානි වන්දි ලබා දීම සිදු කෙරේ.
අද දින වන්දි ප්‍රදානය කිරීම අනුව හම්බන්තොට මහවැලි බල ප්‍රදේශයේ අක්කර 13,451කට රුපියල් මිලියන 360ක් හා චන්ද්‍රිකාවැව, කොළොන්න,පනාමුරේ, හා තිබොල්කැටිය ගොවිජන බලප්‍රදේශවල අක්කර 89ක් සඳහා රුපියල් 24,ලක්ෂ 98 දහස් 400ක මුදලක් ප්‍රදානය කරනු ලැබීය.