Spread the love

2021-22 මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විශේෂයෙන් 2021-22 මහ කන්නයේ දී නියඟය, ගංවතුර හා වන අලි හානි මගින් වගාවන්ට සිදුවූ හානිය සැළකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත. මේ යටතේ ගොවීන් 31,613කට අක්කර 42,934ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු යොදා තිබේ.
ප්‍රදේශ අනුව වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයට රුපි. මි. 81ක්, පොලොන්නරුවේ මනම්පිටියට මිලියන 69ක්, මොනරාගලට මිලියන 68ක් ද වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත.

මේ අතර මොනරාගල සේනා දළඹුවාගෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් බුත්තල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා ගොවීන් දස දෙනෙකුට වගා හානි වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබීය.