Spread the love

අනවශ්‍ය වියදම් කපාහැරීම සහ දූෂන හා වංචනික ක්‍රියා අවම කිරීම මත ඉතිරි කරගන්නා මුදල් ඵලදායි ලෙස යොදවනු ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

එම මුදල් ජනතාවගේ යහපත උදෙසා ආයෝජන අවස්ථා සඳහා ද යෙදවිය හැකි බව පැවසීය.

පසුගිය සමයේ ආර්ථික අර්බුදයෙන් පීඩාවටපත් ජනතාවට සහන ලබාදීමද සිදුවිය යුතුය.

එහෙත් එය දිගුකාලීන වැඩපිළිවෙළක් මත සිදුවිය යුතු බව පැවසීය.

මේවන විට රජයට මුදල් රැස්කර ගැනීම ඉතා අපහසුය.

ඒ හේතුවෙන් කඩිනමින් සහන ලබාදීම අපහසු විය හැකි බව පැවසීය.