Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තිබෙන කුඩා රටක්,අපේ රටට තියෙන්නේ එකම ගුවන් සේවයක් පමණයි,නමුත් ඒ ගුවන් සේවා සමාගම සතු ගුවන්සේවා විද්‍යාලයේ නිපදවනු ලබන උපාධිධාරීන් ලෝකයේ අනෙක් රටවල උපාධිධාරීන්ට වඩා ඉහළ දැනුමක් තිබෙන උපාධිධාරීන්. එනිසා ශ්‍රී ලන්කන් සමාගම මෙවැනි ගුවන් සේවා විද්‍යාලයක් පවත්වා ගෙන යාම රටට ආඩම්බරයක් බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.
ඇමතිවරයා එසේ පැවසුවේ ජාත්‍යන්තර ගුවන්සේවා සංගමයට අනුබද්ධ විද්‍යාතනයක් වන ශ්‍රී ලංකන් ගුවන්සේවා විද්‍යාලය , ගෝලීය ප්‍රමිතියට අනුව ගුවන් සේවා කේෂත්‍රය පිලිබඳව උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුන් 450 දෙනෙකු හට උපාධි සහතිකපත් අතින් පිරිනැමු අවස්ථාවේදීය.

මෙම උත්සවය පැවතියේ ඊයේ පස්වරුවේ කොලඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරිණ.

ගුවන් නියමු , ගුවන් යානා ඉංජිනේරු, කාර්මික , කැබින් කාර්ය මණ්ඩල, භූමි මෙහෙයුම්, ගුවන් භාණ්ඩ හැසිරවීම්, යන පාඨමාලාවන්ට අමතරව ගුවන් සේවා කේෂත්‍රයට සම්බන්ද පාඨමාලා 10ක් පමණ ගුවන්සේවා විද්‍යාලය විසින් පවත්වනු ලබයි.
මෙම පාඨමාලාවන්ට අමතරව ශ්‍රී ලංකන් ගුවන්සේවයේ නියුතු 3000ක් පමණ සේවකයන් පුහුණු කිරීමට ශ්‍රී ලංකන් ගුවන්සේවා විද්‍යාලය විසින් සිදු කරනු ලබයි.
මෙවර වසර 05 කට පසු ශ්‍රී ලංකා ගුවන්සේවා විද්‍යාලය විසින් ගුවන් සේවා කේෂත්‍රයට සම්බන්ධ උපාධී සහ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරිම සිදු කෙරිණ.
උපාධි පාඨමාලා පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ,උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන් මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අසෝක් පතිරගේ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.