Spread the love

ලොව වඩාත් සතුටින් ජීවත් වන මිනිසුන් සිටින රට ලෙස අඛණ්ඩව අටවැනි වරටත් ෆින්ලන්තය තේරීපත්ව ඇත.

පසුගියද එළිදැක්වුණු World Happiness Report 2025 තුළ මේ බව ඇතුළත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Wellbeing Research Centre මගින් මෙම වාර්තාව එළිදක්වයි.

සෑම වසරකම මාර්තු 20 වැනිදට යෙදෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සතුටු දිනය නිමිත්තෙන් මෙම වාර්තාව නිකුත් කෙරේ.

ඒ අනුව මෙම දර්ශකය සඳහා ලබා දෙන ලකුණු 10 න් ලකුණු 7.736ක් හිමි කරගනිමින් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇත.

එහිදී ෆින්ලන්තය සතු වඩාත් ශක්තිමත් සුබසාධක වැඩපිළිවෙළ ඇතුළු කාරණා අනුව සලකමින් මෙම පිළිගැනීම හිමි කරදී තිබේ.

මෙහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඩෙන්මාර්කයටයි. එසේම අයිස්ලන්තය එහි තෙවැනි ස්ථානයටත්, ස්වීඩනය සිව්වැනි ස්ථානයටත්
පත්ව තිබේ. පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ නෙදර්ලන්තයටයි.

පසුගිය වාර්තාවේ 128 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ලකුණු 3.9ක් හිමි කරගනිමින් මෙවර 133 වැනි ස්ථානයට පත්ව තිබේ.