Spread the love

නෙළුව – පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, නෙළුව කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 සහ 27 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

අනතුර සිදුවී ඇත්තේ අද පෙරවරුවේයි.

ලොරිය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇති අතර, පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය හතේ කණුව ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි

තුවාලකරුවන් දෙදෙනා මීගහතැන්න රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔවුන් මිය ගොස්ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

ලොරි රථය සහ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, තිනියාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.