යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ කුඩාගම කොමර්ෂල් ප්රදේශයේදිය.
කොටගල ඇන්තොනිමලේ ප්රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ප්රතිවිරුද්ධ දිශාවෙන් ලොරි රථය නතර කිරිමට උත්සහ කිරිමේදි ඉදිරියෙන් ධාවනය වු යතුරුපැදිය ලොරි රථයේ වම්පස ප්රදේශයේ ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇත.
අනතුරෙන් යතුරුපැදියට බරපතල ලෙස හානි සිදු වි ඇති බවත්, ලොරි රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති නිසා රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.