නිමල් රාජපක්ෂ-
අප රටේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි. නමුත් මේ වනවිට අප රටේ ලොකු ලූනු වගාව පහත වැටී ඇති බැවින් මෙරට ලොකු ලූනු වගාව යළිත් ප්‍රචලිත කිරීම සඳහා නව ඉහළ තාක්ෂණික වගා පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ යටතේ උසස් බීජ, බින්දූ ජල තාක්ෂණය හා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන අයුරින් වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබයි.
හෙක්ටයාර් එකකට රුපියල් මිලියන 2.5ක මුදලක් වැය වන අතර ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 160ක මුදලක් 2024 වර්ෂය සඳහා වෙන් කර ඇත.
දැනට ලොකු ලූනු වගා කරන හෙක්ටයාර් එකකින් ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 20ක් වන අතර මෙම ඉහළ තාක්ෂණික පැකේජය මගින් අස්වැන්න මෙට්‍රික් ටොන් 40ක් දක්වා දෙගුණ කර ගත හැකිවේ.
මෙම නව තාක්ෂණික වගා පැකේජය 2024 සිට 2026 දක්වා හෙක්ටයාර් 650කට හදුන්වා දීමට නියමිතය. එමෙන්ම 2024 වර්ෂය තුළ ලොකු ලූනු වගා කෙරෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4000 දක්වා ඉහළ නැංවීමට ද කටයුතු යොදා ඇති අතර ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 80,000කි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලොකු ලූනුවලින් අපේ රටට ස්වයංපෝෂිත වීමේ හැකියාවක් නැත. ඊට හේතුව ලොකු ලූනු වගා කිරීමට හැකි සුවිශේෂිත ඉඩම් ඇත්තේ සීමිත ප්රමාණයකි. එහෙත් වගා කළ හැකි ඉඩම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම මගින් 2024 වර්ෂය තුළ මෙරට ලොකු ලූනු මිල රුපියල් 200 ඉක්මවා යා නොදී පවත්වා ගැනීම සදහා දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන ලෙස ද නිලධාරින්ට හා බෝග නායකයින්ට උපදෙස් දුන්නේය.
රජය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත බීජ නිෂ්පාදනය සඳහා ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදනවලින් කොටසක් මෙම නව පැකේජය සඳහා වෙන් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවා
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.