Spread the love

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන යන පිරිසගේ පක්ෂ සාමාජිකත්වයයි මෙලෙස අත්හිටුවා තිබේ.

ඔවුනට පක්ෂ සමස්ත ලංකා කාරක සභා, විධායක සභා, දේශපාලන මණ්ඩල සාමාජිකත්වයත් මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධූරයත් අත්හිටුවා ඇත.

ඒ පක්‍ෂයේ තීන්දුවට එරෙහිව වෙනත් ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය පල කිරීම හේතුවෙනි.