Spread the love

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙනඇත.

අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කෙරෙනු ඇත.

මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෙදාහැරීමට කටයුතු යොදා තිබේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බවත් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබානොදෙන බවත්ය.