Spread the love

Lanka T10 නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරඟාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කරන බවත්, තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Abu Dhabi T10 ලීග් තරගාවලිය සංවිධාන කරනු ලැබූ T Ten Sports Management FZC සමාගම සමග එක්ව මෙම තරඟාවලිය සංවිධානය කර ඇත. තරඟාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එක් කණ්ඩායමක සංචිතයක් සදහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු නම් කළ හැකි බවයි සඳහන් .