Spread the love

ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කිරීමේ සිද්ධියකට මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙක් මීගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අත්අඩංගුවට ගෙන ඇත.

වාහන සේවා සපයන ආයතනයේ හිමිකරු අදාළ ව්‍යාපාරිකයා ලිහිසි තෙල් කෑන්මීට පෙරද සොරකම් කර ඇති බැවින් පොලිසිය ට කරන ලද පැමිණිල්ලකට අනුව ව්‍යාපාරිකයා ට අමතරව ලිහිසි තෙල් කෑන් එක සොරකම් කර ගෙන ගිය බවට පැවසෙන සුඛෝපභෝගී රථයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සොරකම සඳහා සහාය දී ඇති බව පැවසෙන එම වාහන සේවා සපයන ආයතනයේ සේවකයෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා සහ සුඛෝපභෝගී රථය හොමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.