Spread the love

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අතවර කලේ යයි තමනට විපක්‍ෂය විසින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ ආකාරයේ චෝදනා එල්ල කිරීම හේතුවෙන් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස කඩ වී ඇති බවද හෙතෙම අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ ගැන කතානායකවරයට ලිඛිත දැනුම් දීමක් සිදු කරන ලද බවත් පැවසූ ඔහු මේ පිළිබඳව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙසද ඉල්ලා ඇති බවද පැවසීය.

අදාල චෝදනාවන්ට වරදකරු වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ද පැවසූ ඒ මහතා චෝදනාව එල්ල කරන ලද මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවමක් පැනවිය යුතු බවද තවදුරටත් පැවසුවේය.