Spread the love

ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි ලැබෙමින් ඇතිබව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.

එහෙත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම ඉතා අවම මට්ටමක පවතියි.

මෙරට නීතිය අනුව වයස අවුරුදු 16 අඩු කිසිදු පුද්ගලයකු ශ්‍රමිකයන් ලෙස යෙදවීම තහනම් වෙයි.

පසුගිය වසරේ ළමයින් ශ්‍රමිකයන් ලෙස යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 186ක් ලැබි ඇතිබව පැවසීය.

මෙම වසරෙ මුල් මාස 05 තුළ දරුවන් ශ්‍රමිකයන් ලෙස යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 56ක් ලැබී ඇතිබව සභාපතිවරයා පැවසීය.

මෙම සියලු පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුවට යොමුකිරීමට පියවර ගෙන තිබේ.

එම පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමේ බලය කම්කරු දෙපාර්තමේන්තුව සතුවීම ඊට හේතුවී තිබේ.

ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම සහ ළමා හිංසන පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ක්ෂණික දුරකථන අංකය වෙත දැනුම් දිය හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසයි.