Spread the love

2024 වසරේ පළමු මාස කිහිපය දුෂ්කර විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙම වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගැනීමට හැකි බවත්, 2018 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 94.5 ක් ව පැවති බවත්, 2022 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 77ට අඩුවූ බවද ජනාධිපතිවරයා පැවසුවේය.

2023 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 85 ක් වන අතර තවමත් 2018 මට්ටමට පැමිණ නොමැති බවද ජනාධිපතිවරයා කීවේය.

ලබන වසර වසරේදීත් ඒ තත්ත්වයට පැමිණීමට නොහැකි වනු ඇති බවත් 2025 වසරේ සිට එම තත්ත්වයට පැමිණිය හැකි බවත් මෙය ඊට සූදානම්වීමක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.