Spread the love


නිමල් රාජපක්ෂ-

්‍

ලබන වසරේ සතුන් දෙදෙනෙකුට වැඩි සියළුම කිරිගොවිපල ලියපදංචිය අනිවාර්ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එමනිසා ලබන වසරේ ජනවාරි මාසය පශු සම්පත් මාසය ලෙස ප්‍රකාශයට ප ත් කරන්නැයිද , ගොවිපල ලියාපංචිය නොමිලයේ සිදු කරන්නැයිද මහින්ද අමරවීර ඇමතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.
අපේ රටේ සත්ව ගොවිපොළවල් 290,592ක් තිබුනත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණි. මින් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වේ.
කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී ඇත. එමෙන්ම සත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

දැනට අපේ රටේ කිරිගව ගොවිපොළවල් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර ඇත. ඒ අනුව යැපුම් මට්ටමේ කිරිගව ගොවිපොළවල්, සතුන් 100-100 දක්වා සිටින ගොවිපොළ සහ මහා පරිමාණ කිරි ගව ගොවිපොළවල් ලෙස සතුන් 1000ට වැඩි ලෙස යනුවෙන් වර්ග කර තිබේ.දිවයින පුරා ඇති පශු වෛද්‍ය කාර්යාලවල දී තම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචිය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිතය.