Spread the love

උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ජූලි මස මුල් සතියේ දී ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සියලුම උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබාදෙන බවද ඇමතිවරයා පැවසුවේය.

අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළු ලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බව එහිදී සඳහන් කළ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා නවීනතම ‘ස්මාට්බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් වන විට පාසල්වලට ලබාදීමට පියවර ගන්නාබවද වැඩි දුරටත් පැවසුවේය.