Spread the love

“දැන් නම් හුඟාක් කට්ටිය එන්න හදයි,අමාරුම කාලේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ගැන කතාකරන්න ඔය කිසි කෙනෙක් හිටියේ නෑ,ඊළඟ පාර පාර්ලිමේන්තු එන්නේ කොහොමද කියලවත් බලන්නේ නැතුවයි අපි ආණ්ඩුවට සහය දුන්නේ”අමරවීර අතීතය සිහි කරමින් කිවේය.

“ඔව් පොහොට්ටුවවේ වැඩ නිසා අපි අවුරුදු තිහක් තිස්සේ කරපු දේශපාලනය එක රැයකින් විනාස උණා”ලන්සා කිවේය.

“දැන් අයවැයටත් බැන බැන යනවා”ලසන්ත අලගියවන්න පිරිස දෙස බලමින් කිවේය.

‘මේකේ හොඳ යෝජනා තියනවා,ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාලයක් හදන වැඩේ කොච්චර හොඳ යෝජවක්ද”සුගීශ්වර කිවේය.

“අවුරුදු 50ක් තිස්සේ කොළඹ නාගරික නිවාසවලට ඔප්පු තිබ්බේ නෑ ,දැන් ඒක දෙන්න යන එකටත් සජබේ කට්ටිය කෑ ගහනවා”දුමින්ද දිසානායක ද කතාබහට එක්විය.

“ඒක දුන්න ගමන් මරික්කාර්ට කොළඹ චන්ද ටික නැතිවෙනවා ඒකට බයවෙලා ඉන්නේ”පියංකර ජයරත්න කිවේ සිනා සෙමිනි.

“කොයි රාජ්‍ය නායකයාද අකමැති ජනතාවට සහන දෙන්න,හැබැයි හැමෝම තෙරුන් ගන්න ඕනා මේක සහන දෙන්න තියන වෙලාවක් නෙමෙයි කියල”අනුර යප කිවේය

“ලබන අවුරුද්දේ එන්නේ ඡන්ද වර්ෂයක් ඉතින් ඒක දිහා බලාගෙනත් ඕනෙනම් බොරු සහන ටිකක් දීල ජනතාව රවට්ටන්න ජනාධිපතිතුමාට තිබ්බා,මේ රට කඩාගෙන වැටුනේ ඒ වගේ බොරු පොරොන්දු දීල තවත් එහෙම කරන්න බෑ,හැබැයි මේ විපක්ෂෙට ඒක තේරෙන්නේ නෑ එහෙම තියාගෙනත් රජයේ පඩි දහ දාහකින් වැඩිකලා”නිමල් සිරිපාල කිවේය.

“බොරුවට නාමල්ලා කෑ ගහනවා අයවැය හොඳ නෑ කියල”ලසන්ත අලගියවන්න කිවේය.

“එහෙනම් අයවැයට විරුද්ධ වෙන්න එපැයි කතා වැඩක් නෑනේ “ලන්සා සිනාසෙමින් කිවේය

“අමාත්‍යංශ කිහිපයක අයවැය පරද්දන්නත් පොහොට්ටුවේ කට්ටිය කතාවෙලා තියනවා”සුගීශ්වර බණ්ඩාර කිවේ සිනාසෙමිනි.

“වැවිලි ඇමතිකම අමරවිරට දුන්නු එකනේ ඔය ප්‍රශ්නේ”නිමල් සිරිපාල අමරවීර දෙස බලමින් කිවේය.

“පුලුවන්නම් පරද්දන්න කියන්නකෝ ඔය මයික් ටයිසන්ලා කියනවා විතරයි,ගෘප් එකට ආවම ජනාධිපතිතුමා දැක්කම පූස් පැටව .වගේ ඉන්නවා”ලන්සා සිනාසෙමින් කිවේය.