Spread the love

විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා ඇත.

කොළඹ, අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගුවන් තොටුපල පොලිස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.  

පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදල ලබා දෙන ඇත.

ඒ අනුව, නඩු අංක HCB/360/2025 යටතේ 2025.02.25 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.