Spread the love

ලංකා විදුලි බල මණ්ඩලයේ තවත් සේවකයන් 150 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ මේ පිළිබඳව විදුලි බල මණ්ඩලයට එරෙහිව නීතිමය හා වෘත්තීයම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ පිළිබඳව අද දිනයේ සියළුම වෘත්තීය සමිති නියෝජිතයන් හා එක්ව සාකච්ඡාවක් පවත්වන බවද ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් හැට හය දෙනෙකුගේ රාජකාරි මේ වන විට අත්හිටුවා ඇත්තේ පාරිභෝගිකයන්ට බාධා කලේ ඇයි චෝදනා එල්ල කරමිනි.