Spread the love

ලංගම බස් රථ රියැදුරෙකුට බෝතලයකට මුත්‍රා පුරවා එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් රියදුරා සහ ඊට යාබද අසුන්වල සිටි මගීන් කිහිපදෙනෙකු මුත්‍රා වලින් නැහැවී ගොස් තිබේ.

මිනුවන්ගොඩ පොලිසියට ලංගම බස් රියදුරා ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ.

පෞද්ගලික බස් රථයක රියැදුරකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෙම බස් රථය කුරුණෑගල බලා ගමන් කරමින් තිබියදී මගීන් නංවා ගැනීම සඳහා මිනුවන්ගොඩ බස් නැවතුම්පොලේ නතර කර තිබියදීය.

මගීන් පටවා ගැනීමේදී රියදුරන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලිසිය කියා සිටී.