Spread the love

වදුරු උණ වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වඳුරු උණ සම්බන්ධයෙන් පෙරේදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.

වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡා මේවන විට ක්‍රියාත්මක බව එම අමාත්‍යංශය පවසයි.

මේ වනවිට මෙම වෛරසය මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්තව පවතියි.

වදුරු උණ වෛරසය වැළදීම හේතුවෙන් මේවන විට 461කු මියගොස් තිබේ.