Spread the love


නිමල් රාජපක්ෂ-

රේගු වෘත්තිය සමිති සන්ධානය දියත්කල වෘත්තීය ක්‍රියාමාර්ගය ජනාධිපති තුමන්ගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මැදිහත්වීම මත වහාම නතර කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම ආරම්භ කිරීමට රේගු අධ්‍යක්ශ ජනරාල් වරයා සියලුම නිලධාරීන් හට උපදෙස් දී ඇත.

දැනට ප්‍රමාද වී ඇති රාජකාරි සති අන්තයට පෙර අවසාන කිරීමට සියලු කටයුතු සිදුකරමින් පවතින බවද සීවලි අරුක්ගොඩ මහතා වැඩි දුරටත් පැවසුවේය..