ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වරට 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් සරත් මහතා පවසයි.
මේ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවත් ඔහු පැවසීය.
මෙම වසර තුල රජය විසින් රේගුවට ලබා දී ඇති බදු ඉලක්කය වන්නේ රුපියල් ට්‍රිලියන 1.533කි. දැනට අත් කරගෙන ඇති ප්‍රගතිය සැලකිල්ලට ගෙන, එම ඉලක්කය පහසුවෙන් සපුරා ගත හැකි වනු ඇති බව රේගුව විශ්වාසය පලකරයි.