Spread the love

ගලගෙදර දිසා අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබි දී සිර මැදිරියෙන් පැනගත් සකකරුවෙක් විවෘත අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම පැමිණි නීතිඥවරියක බිම පෙරළාගෙන තදින් වැළඳගෙන ඇයගේ ගෙල ප්‍රදේශය සපා කෑ සිද්ධියක් ගලගෙදර දිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගංජා ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීමේ චෝදනාව මත පෙරේදා (16) පස්වරු වේ ගලගෙදර පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඊයේ (17) ගලගෙදර අධිකරණයට රැගෙනවිත් සිටියේය.

සැකකරුගේ නඩු විභාගය හමාර කර අධිකරණය ඔහුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකිරීමට නියෝග කළේය. තීන්දුව මත අධිකරණ රැඳවුම්භාරයේ ඔහුව තබා තිබිණි. ඒ අතර වෙනත් නඩු විභාගයක් සඳහා සැකකරුවකු එම රැඳවුම් කුටියෙන් ඉවතට ගනිද්දී මෙම තැනැත්තා යකඩ දොර තල්ලු කර දමා දිවවිත් නීතිඥවරිය තදින් වැළඳගෙන ඇයව බිම පෙරළාගෙන තිබේ.

එම ග්‍රහණය කොතරම් ප්‍රබල දැයි කිවහොත් ආරක්ෂක අංශ නිලධාරීන් පොලිස් නිලධාරින් හා නීතිඥවරුන් එක්ව සැකකරුගේ ග්‍රහණයේ සිටි නිතිඥවරිය මුදා ගැනීමට දැඩි වෙහෙසක් ගෙන ඇත. ඒ අතර මෙම සැකකරු නීතිඥවරියගේ ගෙල ප්‍රදේශ සපා කා තිබිණි.

කන්දකාඩු යන්න සිටි සැකකරු දැන් විනිසුරුවරයා ඉදිරියේම කාන්තාවකට අතරවර කිරීමෙන් අධිකරණයට අපහාස කර තිබිණි.

විනිසුරුවරයා මේ පුද්ගලයාගෙන් මෙම හැසිරීම නිසා අධිකරණයට අපහාස අපහාහස වී ඇති බව දන්වා , එම චෝදනාවට සැකකරුගෙන් කරුණු විමසුවේය.

සැකකරු ප්‍රකාශ කොට සිටියේ තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම නීතිඥවරිය දැක ඇති බවත් ඇය පිළිබඳ උපන් ආශාව මත ඇය වැළඳගෙන ගෙල හපා කෑ බවත්ය.

අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේම (17) සැකකරු ලබන 25 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවේය.

බෙල්ල සපා කෑමෙන් තුවාලලත් නීතිඥවරිය ගලගෙදර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ.