Spread the love

ඉන්දු –  ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමක් සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ගමනා ගමන එන්..ජේ ඉදිපොලගේ මහතා පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්​ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙ.ව. 7.30 සිට ප.ව. 5.30 දක්වා කාලසීමාව තුළ කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් දුම්රිය ධාවනය සිදු කරනු ඇත.

මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු  ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම රූගත කිරීම සිදුකරන බවයි සඳහන් වෙන්නේ.