Spread the love


නිමල් රාජපක්ෂ මහනුවර සිට.

මධ්‍යම ,සබරගමුව හා ඌව යන පලාත්වල කල සෝදිසි මෙහෙයුම් වලදි තිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් වටලා අධිකරණ වෙත ඉදිරිපත්කොට හා හෝටල් රටබිම හල් හා කැරෝකී ආපනශාලා යන බලපත්‍ර ස්ථාවල සිදු කල වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට රුපියල් 78 ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වි ඇත.
සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් පසුගිය වසර සදහා ග්‍රහන ඉල්ලක ලබා දි තිබුණ සංඛ්‍යාවට අභිබවා ගොස් ඇති අතර මෙහිදී මත්ජාවාරමේ යෙදුනු සැකකරුවන් 840 ක් කොටුකර අධිකරණ වෙත ඉ දිරිපත් කොට රුපියල් රුපියල් 63 න් ලක්ෂයක දඩ මුදලක් අයකර ගැනීමට සමත්වු බව මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පැවසුවේය.
බලපත්‍ර ලත් ස්ථානවල සිදු කළ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට ආදාල බලපත්‍ර ලාභීන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට ඹවුන්ගේ පෙරවැරදි සලකා බලා රුපියල් ලහලොස් ලක්ෂයක සමථ ගාස්තුවක් අයකර ගැනීමට හැකිවී තිබේ.
සුරාබදු දෙපාර්තුවේම්තුවේ ඇති පැයවිසිහතර පුරාම ක්‍රියාත්මක 1913 යන දුරකථන අංකයට ලැබෙන දුරකථන ඇමතුම් වලට අනුව මතද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.
තව දුරටත් අදහස් දැක්වු සරත් ජයවීර මහතා ,

වීඩියෝව නරඹන්න

සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත, සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ , සුරාබදු අධිකාරී වරුන්වන මහින්ද තිලකරත්න , ජානක පෙරේරා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් , මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර .පරීක්ෂක වරුන්වන කැකුලන්දර , දිසානායයක, සැරයන් රත්නායක, කෝප්‍රල්වරුන්වන උක්වත්ත , සිල්වා,බණ්ඩාර, නියාමකවරුන්වන බක්මීදෙණිය, අසංක බණ්ඩාර,වීරකෝන් , රියදුරන්වන බණ්ඩාර හා සිිිරිවන්ස යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න