Spread the love


නිමල් රාජපක්ෂ

ඇමෙරිකාවේ සිට ගුවන් මගින්කොළඹ භණ්ඩ නිෂ්කාසන ආයතනයක් හරහා එවන ලද පාර්සලයක තිබී වටිනාකම රුපියල් 66,940,000ක් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ කොකේන් ග්‍රෑම් 511ක් හා මරිජුවානා කිලෝ ග්‍රෑම් 5161ක් තිබු බව රේගු මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබුණි.

අමෙරිකාවේ සිට ගුවන් මගින් මෙම පාර්සලය ලැබී තිබුණේ කොළඹ පිහිටි ආයතනයක් වෙතය.

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට පැමිණි එම භාණ්ඩ තොගය ඇයගේ ලිඛිත අවසරය මත භාරගැනීමට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා රේගුවට කරන ලද ප්‍රකාශයකට අනුව අදාළ භාණ්ඩ ලැබුණු ආයතනයට අනියුක්තව සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද විමර්ශනය සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 

භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය.