Spread the love

.

රටේ ආහාර සුරක්ෂිතතාවය සවිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්ක 25 සදහාම රුපියල් මිලියන 10,000 ආසන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් වාරි පද්ධතිය ශක්තිමත් කිරීම මෙම වැඩසටහන වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

යටතේ සිදු වේ. මෙහිදී ප්‍රමුඛතාගත කිරීම සදහා ගොවි නියෝජිතයන්ගෙන් සංවර්ධන යෝජනා හා අදහස් ලබා ගැනීම ද සිදු වු අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය පරිදි ප්‍රතිපාදන ලබා දීම සිදු කෙරේ.

මෙම ව්‍යාපෘති උපරිම ඵලදායිතාවයකින් යුතුව ප්‍රතිලාභ ජනතාව අතරට යන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවත්, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ගොවි සංවිධාන නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවත් මෙම සාකච්ඡාවල දී අවධාරණය කෙරිණි. ගොවි ජනතාව තම ශ්‍රමය එකතු කොට ව්‍යාපෘතියෙන් වැඩි ප්‍රතිලාභයක් ගමට එන ආකාරයට එය දියත් කිරීමත්, ගමේ ඇති අත්‍යවශ්‍යම ව්‍යාපෘතියට මෙහිදී පුමුඛතාවය ලබා දීමත් සිදු විය යුතු බවට මෙහි දී උපදෙස් ලබා දුණි.

ව්‍යාපෘතිය ආරම්භයට පෙර වාරි රක්ෂිත නිරවුල් කරගැනීමට නිළධාරීන් කටයුතු කළ යුතුය. ව්‍යාපෘතිය ආරම්භ කළ දිනයේ සිට ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත දින දක්වා ව්‍යාපෘතිය නොනවත්වා ක්‍රියාත්මක කිරීමට අදාල ආයතන වගබලා ගතු අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආදී අදාල ආයතන ඒකාබද්ධව සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල යුතු බව පැහැදිළි කෙරිණ.

මෙම ව්‍යාපෘතියේ පසු විපරම මාසයෙන් මාසයට අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය යුතු බවත්, මෙම ව්‍යාපෘතියෙන් දිස්ත්‍රික්කය වෙත ලබාදෙන මුදල් ආපසු හරවා නොයැවීමට අදාල සියලු ආයතන වගබලා ගත යුතු යන උපදෙස් ද ලබාදුණි.