Spread the love

වසර තුනක් තුළ නීතිවිරෝධීව තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වා රාජසන්තක කළ රුපියල් බිලියන 1.2 ක් වටිනා දුම්කොල තොගයක් අද ශ්‍රි ලංකා රේගුව මගින් විනාස කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ අංගනයේදී එම දුම්වැටි තොගය විනාශ කර ඇත.

‍0මෙම දුම්කොළ හ 2018 , 2022‬ සහ 2024 යන වසරවලදී රේගුව විසින් අත්අඩංගුවට ගත් එම දුම්වැටි තොගයක් වන ඇතර රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට කටයුතු කර ඇත.