Spread the love

අද වන විට රට පුරාම රිලවුන්ගේ බෝවීම සීඝ‍්‍රයෙන් වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුදිතා ප්‍රශාන්ති සොයිසා මහත්මිය සඳහන් කරයි.

රිලවුන් ගොවීන්ගේ සියලුම වගාවලට හානි කරන බවත් නිවාසවලට රිංගා කුස්සියේ තිබෙන බත්මුට්ටියද උත්සාගෙන ගෙන යන බවත් ඇය පැවසුවාය.

සතුන්ගෙන් සිදුවන වගා හානිය අද හොඳටම දැනී ඇති බවත් ඒ සඳහා රටේ පවතින නීති සංශෝධනය කර හෝ වගා හානි වලක්වා ගත යුතු බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුව අමතමින් එය මෙම අදහස් පළ කළාය.