Spread the love

15 වැනිදා සිදු කරන සත්ව සංගණනය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පවසයි.

කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

“මේ තුළින් අපි ලබා ගන්නා තොරතුරු රටේ ඉදිරි තීරණ ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. එය කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන හානි අවම කර ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටත් ඉවහල් වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා ඉතාමත් අවම වැය බරක් දරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන නිලධාරීන් මගින් තමයි අපි මේ කටයුත්ත කරන්නේ. මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් ඉතාමත් සහනදායි මිලකට අපිට ලබා දීලා තියෙනවා.

මේ සංගණනය සඳහා බොහෝ වියදමක් සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ වෙනවා. නමුත් ඇත්තටම මේ එක පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා අපිට ශත 30ක වගේ මුදලක් තමයි වැය වෙලා තියෙන්නේ.

අපිට ප්‍රධාන වශයෙන් වැය බරක් හැටියට පත්‍රිකා මුද්‍රණය පමණක් වෙන අතර සමහර ප්‍රවාහන කටයුතු සඳහා යම් යම් වියදම් හැරුණු කොට වෙනත් කිසිදු වියදමක් ඇතුළත් වෙන්නේ නෑ.”