Spread the love

නිමල් රාජපක්ෂ-

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16 සහ 17 යන දෙදින තුළ එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි්‍.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බවද මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.