නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ කටින් පිටවූ වචන සම්බන්ධයෙන් රජය කණගාටුව ප්‍රකාශ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඒ අනුව එම කලබලකාරී ආතතික තත්ත්වය තුළ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිටකළ වචන සම්බන්ධයෙන් කණගාටු වන බවයි අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ.
රජය මෙම සිදුවීම සුළුවෙන් තැකීමක් සිදු නොකරන බවද, ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.