Spread the love



ඩුබායි හි අර්මානි හෝටලයේදී පසුගිය මාර්තු 29 වන දින පැවැත්වුණු වාර්ෂික ආයෝජන සමුළුවේදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රිදී සම්මානය දිනා ගන්නට සමත් විය.


දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ දෙවැනි හොඳම ක්‍රියාකාරී ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර විය.
වාර්ෂික ආයෝජන සමුළුව යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වැඩ සටහනකි. ගෝලීය වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා තිරසාර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර ආයෝජන ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ භාවිතයන් , පවතින ප්‍රධාන මූලධර්ම මත ගෝලීය හුවමාරුව සඳහා රාමුවක් සැකසීම මෙමගින් සිදු වේ .

ඒ අනුව ලොව පුරා ඇති හොඳම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතන හඳුනා ගැනීම මෙම ආයෝජන සමුළුව සිදු කරයි.
වාර්ෂික ආයෝජන සමුළුව සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා සම්මානය ලබා ගන්නා ලදී.