Spread the love


නිමල් රාජපක්ෂ-

සමුපකාර ක්‍රමයට රා කර්මාන්තය සිදු වන එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කයයි. විශාල වශයෙන් තල් රා කර්මාන්තය සිදු වන්නේ යාපනය අර්ධද්වීපයේයි. නමුත් වෙනත් ප්‍රදේශවල නිති විරෝධි මත්පැන් ජාවාරම සිදුවන්නාක් මෙන් යාපනයේ තල්රා හොරට අලෙවි කරන්නන් ඉතාම අල්පයකි. යාපනයේ රා බලපත්‍ර ලබාදීමේදී කොහොමද ක්‍රියාත්මක වන්නේ කියා පැවසුවහොත් , තනි පුද්ගලයින් වශයෙන් කටයුතු කෙරෙන්නේ නැහැ.

ආචාර්ය ඇන්.එම් පෙරේරා මුදල් ඇමතිවරයා හදුන්වාදුන් ක්‍රමයක් මේක .බොහොම හොද ක්‍රමයක්. රා මැදීම ,බෝතල් රා කිරිිම හා තැබැරුම් පාලනය කිරිම සමුපකාර ක්‍රමයයට සිදුවෙයි.රා තැබැරුම් 134 ක් යාපනය අර්ධද්වීපයතුල තිබෙනවා. රා කර්මාන්තය සමුපකාර ක්‍රමය තුළින් විෂමාචාර ක්‍රම අඩුවී තිබෙනවා. තිති විරෝධී රා කර්මාන්තයක් තිබෙනම් ඉතා ඉක්මනින් ඒ සදහා තොරතුරු ලැබෙනවා .බදු අයකර ගැනිමේදි විශාල පහසුවක් ඇතිවී තිබෙනවා. රා කර්මාන්තයට මනා පරිපාලනයක් තිබෙනවා යැයි යාපනය සහකාර සුරාබදු කොමසාරිස් සුනිල් ශාන්ත මහතා පවසයි.


මන්ද සමුපකාර ක්‍රමයට රා කර්මාන්තය සිදු කරන අතර සමුපකාරයේ නිීති රිති වලට අනුව ඹවුන් රාඅලෙවිය සිදු කරයි . සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් බලපත්‍රය ලබා ගත්තද නියම වෙලාවට බදු ගෙවිම් කටයුතු පවා කලට වෙලාවට සිදු වන බවද සුනිල් ශාන්ත මහතා පැවසුවේය. කිසිවකු හොරට රා අලෙවි කලද සමුපකාර්ය මගින්ම සුරාබදු දෙපාර්තුමේන්තුවට තොරතුරු ලබාදී ඹවුන් නිසි මගට ගැනීමට සමුපකාරයේ නිලධාරීන් ක්‍රියා කරනු ඇත . මෙම සමුපකාර ක්‍රමය වෙනත් කිසිදු දිස්ත්‍රික්කයට නොමැති බවද සුනිල් ශාන්න මහතා වැඩි දුරටත් පැවසුවේය.


යාපනය අර්ධද්වීපයේ ගතවු මාසහයක කාලයක් තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත් ජාවාරම් කරුවන් හා බලපත්‍ර ස්ථානවල සිදු කළ වැරදි සදහා මතද්‍රව්‍ය ජවාරම් කරුවන් අධිකරණ වෙත ඉ දිරිපත් කොට හා බලපත්‍ර ලාභීන්හට සමථ ගාස්තු ඉදිරිපත් කොට රුපියල් අනු ලක්ෂයකට වැඩි දඩ ආදායමක් රජයට ලබා දීමට යාපනය සුරාබදු නිලධාරීන් සමත්වී ඇතැයිද යාපනය සහකාර සුරාබදු කොමසාරිස්වරයා කීවේය.


අදාල කාලසීමාවේදී මත්පැන ජාවාරම් කරුවන් 693 අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිිපත් කොට දඩ පනවා ඇති අතර , බලපත්‍ර කොන්දේසි කඩකළ හෝටල් ,ආපනශාලා රටබීම හල් වල බලපත්‍ර ලාභීන් 116 දෙනෙකුට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට සමථ ගාස්තු අයකර ගෙන තිබේ.

තව දුරටත් අදහස් දැක්වු සුනිල් ශාන්ත මහතා,

වීඩියෝව නරඹන්න