Spread the love

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අද (25) දිනියේ අවලංගු කලබව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා පවසයි.

රාත්‍රියේ ගමන් ආරම්භවීමට නියමිත විශේෂ දුම්රිය ධාවනය ද නතර කර තිබේ.

දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙලෙස රාත්‍රී කාලයේ තැපැල් දුම්රිය අවලංගු කිරීමට හේතුව වෙයි.

දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීම් ස්ථාන 15කින්, 20කින් පමණ වාර්තා වන බවත් දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක කිරීම දැඩි ගැටලුවක් වී තිබෙන බවද පැවසුවේය.

ඒ හේතුවෙන් නානුඔයෙන් එහා ප්‍රදේශවලට මෙම විදුලිය බිඳවැටීම් හේතුවෙන් සංඥා ක්‍රියාත්මක නොවීම මත දුම්රිය හරස් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන රියදුරන් වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් දැනුම්දෙයි.

කිසිදු සංඥාවක් නොමැති හෝ රතු සංඥාව පමණක් සහිතව විදුලි සීනු දිගටම නාද වෙන අවස්ථාවක් තිබේ නම් ඉතාමත් කල්පනාකාරීව දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන ලෙසද රියදුරන්ට දැනුම්දෙයි.