නාගොඩ -සුමන
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුනාගැනීම සඳහා අමාත්‍යාංශ උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනුකමිටුවක් පත් කර ඇතිබව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ පවසයි.
එම උපදේශක කාරක සභාව පත්කර ඇත්තේ ඇමති ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුව පත්කර තිබේ.
චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ, ධර්මප්‍රිය දිසානායක, දිනිඳු සමන්, ගීතා හේරත්, ලාල් ප්‍රේමනාත් සහ මුහම්මද් ෆයිසාල් යන මහත්ම මහත්මීන් එහි සෙසු සමාජිකයින් බව එම අමාත්‍යංශය පවසයි.
මෙම අනුකාරක සභාව විසින් රාජ්‍ය සේවයේ පත් කිරීම්, තරග විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදු කර හඳුනාගන්නා යෝජනා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ලබා දෙනු ඇති.