Spread the love

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ.

ඒ සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.