නිමල් රාජපක්ෂ-
වාහන අමතරකොටස් අතරේ සගවා මෙරටට ආනයනය කර කපා වෙන්කරනලද වාහන කැබලි ,රේගු අදායම් අධීක්ෂණ බලකාය විවිධ අවස්ථාවලදි රාජසන්තක කළ වාහන තොගයක් ඹරුගොඩවත්ත ආර්.සී.ටී අංගනයේදි අද(20) සුන්බුන් බවට පත්කල බව රේගු මාධ්යප්රකාශක ජේෂ්ඨ රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
දිර්ග කාලයක් මෙම වාහන කොටස් ගබඩා වල තබා තිබීමෙන් ගබඩා පහසුකම් අවම වීම හේතුවෙන් රේගු අධ්යක්ෂ ජෙනරාල් වරයා ගේ උපදෙස් මත රේගු අදායම් අධීක්ෂණ බලකායේ රේගු අධ්‍යක්ෂකගේ සහභාගිත්වයෙන් හත් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කරනලද අතර එම කමිටුවේ නිර්දේශය මත මෙම වාහන පවත්නා නීති අනුව අමතර කොටස් ගලවා ඉවත් කිරිමෙන් පසු මෙසේ වාහන තලා විනාස කරනලදි
මෙවැනි භාණ්ඩ කිසිදු විටෙක රේගුවෙන් නිදහස් කර ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවත් ,සුන්බුන් යකඩ බවට පත්කොට විකිණීමෙන් ලැබෙන මුදල රාජ්‍ය ආදායම එකතු කිරීමට නියමිත බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.