මුල්කිරිගල ගුණරත්න
මිද්දෙණිය රිටිගහයාය ශ්‍රී ජයමංගලාරාම විහාරාධිපති හම්බන්තොට දිශාව ඇතුලු ගිරුවා පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ජූලම්පිටියේ පඤ්ඤාලෝක හිමියන් අද (24 )වන දින හදිසියේ අපවත් වී වදාල සේක. උන්වහන්සේ අපවත්වන විට වයස අවුරුදු 71ක් වන අතර ආදාහන පූජෝත්සවය 27 වන සදුදා දින සවස 1.00 ට රිටිගහයාය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විහාරස්ථ දායක සභාව දන්වයි.