සුවඳ-Kayea stylosa
Calophyllaceae කුලයට අයත් Kayea stylosa ශාකය තෙත් කලාපීය වනාන්තර වල දක්නට ලැබේ. ගස මීටර් 5ක් පමණ උසය. සැප්තැම්බර් මස මල් හට ගනී. රතු දුඹුරු සියුම් වයිරමක් සහිත තරමක් මෘදු දැවය අතීතයේ විවිධ ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇත.

මුලින්ම මෙහි එකම ස්වභාවික ගහනය වූ වලව්වත්ත වතුරාන ප්‍රදේශයෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ 1858 දීය. මෙම ගහනයේ ඇති ශාක 6කින් පමණක් මෙම විශේෂය නියෝජනය වන බැවින් මෙය ඉතා දුර්ලභ ශාකයක් ලෙස වාර්තාගතව තිබුණි.
මෑතක් වන තුරුම Mesua stylosa නමින් හැඳින්වූ නමුත් මෙය පසුව Kayea නම් ගනයට අයත් වන බව මෑතකදී හැඳින ගෙන ඇත. රාජකීය උද්භිද උද්‍යානයේ පවතින මෙහි පැරණි ශාකවලින් ලබාගත් බීජ වලින් පැළ නිෂ්පාදනය කර උද්‍යානයේ මෙන්ම වෙනත් ස්ථාන වල සංරක්ෂණය කිරීමට ලබාදී විතැන් සංරක්ෂණ ක්‍රමය සඵල කරගැනීමට කටයුතු කිරීමෙන්, වඳවී යාමේ තර්ජනය අඩු වූ විශේෂයකි.
සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,
ජායාරූපය – පී. අබේසිංහ
ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-