Wrightia puberula
Apocynaceae කුලයට අයත් Wrightia puberula බූව සහිත ළපටි අතු සහ පුෂ්ප මංජරි දරන වියළි කලාපයේ වැඩෙන කුඩා ඒක දේශික වෘක්ෂයකි.
1834 වසරේදී මුල්වරට දඹුල්ල ප්‍රදේශයෙන් මෙම විශේෂය සොයා ගන්නා ලදී. මුල් වාර්තාවෙන් පසු වසර 100ක් පසුවන තුරුද නැවත සොයාගෙන නොතිබුනි.
කඩවත සිට කුරුණෑගල දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ පරිසර වාර්තාව අනුව 2017 වසරේදී ආරම්භ කරන ලද සංරක්ෂණ පර්යේෂණයක් මඟින් මෙම ශාකය සංරක්ෂණය කරන ලදි.
ගවේෂණ කටයුතු කර මෙහි ප්‍රචාරක ද්‍රව්‍ය සොයා ගෙනැවිත් උද්‍යානයේ මෙහි පැළ බෝ කර ගන්නා ලදි. දැනට මෙම විශේෂයේ ශාක උද්භිද උද්‍යානය තුළ විශේෂිත සංරක්ෂිත ශාකයක් ලෙස උද්භිද උද්‍යානයේ විතැන් ශාක එකතුවට එක් කිරීමට කටයුතු කර ඇත.
සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,
ජායාරූප-හිමේෂ් ජයසිංහ
ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-