කපු / Cotton
(Gossypium spp.)
කපු නිෂ්පාදනය කරන Malvaceae ශාක කුලයට අයත් Gossypium ගණය නිවර්තන සහ උපනිවර්තන කලාපවල ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක කලාපවල දක්නට ලැබෙන ශාක විශේෂ 50කට වඩා වැඩි ගණනකින් සමන්විතය.

අවම වශයෙන් වසර 7000 ක් පුරා රෙදිපිළි අමුද්‍රව්‍යයක් ලෙස මිනිසා වගා කරන ලද ශාක අතුරින් පැරණිතම වාර්ෂික බෝගය වේ. පඳුරුමය බහු වාර්ෂික බෝගයකි. පුරාණ ලංකාවේ කපු භාවිතය ක්‍රි.පූ. 5 වන සියවසේ විජය රජුගේ පැමිණීමට පෙර සිට පැවත එනු ඇත.
1882 සිට ලංකාවට කපු ආර්ථික බෝගයක් ලෙස හඳුන්වා දීමට රාජකීය උද්භිද උද්‍යානය මැදිහත් වී ඇත. 1883 දී පෙරූවියන් කපු විශේෂය සඳහා අත්හදා බැලීමේ ස්ථානයක් ලෙස අනුරාධපුර උද්‍යානය ස්ථාපිත කරන ලදී.
සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,
ජායාරූප – අයි.විජේරත්න
ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-