Spread the love

Rinorea decora


Violaceae ශාක කුලයට අයත් මෙම ශාකය, 1888 න් පසු වනාන්තරවලින් හමු නොවූ බැවින් වඳවූ (EX) ශාකයක් ලෙස 2012 ශ්‍රී ලංකා ජාතික රතු දත්ත ලැයිස්තුවේ වාර්තාවී තිබුනි.
නමුත් මෙය 2016 වසරේ දුර්ලභ සමනල විශේෂයක් සොයා යාමේදී නැවත සොයා ගන්නා ලදී .එ බැවින්, 2020 රතු දත්ත ලැයිස්තුවේ වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්වූ (CR) ශාකයක් ලෙස යාවත්කාලීන කරන ලදී.
මීටර් 6 දක්වා උසට වැඩෙන මෙම ශාක, උප කඳුකර කලාපයේ වනාන්තරවල දක්නට ලැබේ. රාජකීය උද්භිද උද්‍යානය තුළ මෑතකදී සංරක්ෂණය කරන ලද විශේෂිත සංරක්ෂිත ශාක අතුරින් එකකි.

සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,

ජායාරූප – හිමේෂ් ජයසිංහ

ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-