Spread the love

සේජ් ගස Sausage tree
(Kigelia africana)

Bignoniaceae කුලයට අයත් සෘතුමය වියළි නිවර්තන අප්‍රිකානු ශාකයක් වන මෙහි අතුවල එල්ලෙන විශාල සොසේජස් හැඩැති ඵලය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය.

සොසේජස් ගස සඳහා වන මොසැම්බිකානු සාමාන්‍ය ව්‍යවහාර නාමය වන ‘kigeli-keia’ යන නාමය හේතුවෙන් “Kigelia” යන ගණ නාමය ව්‍යවහාරයට පැමිණ ඇත.

මෙම ශාකය එය ස්වභාවිකව පිහිටි රටවල ඖෂධ, ආහාර, සත්ව ආහාර, හා වෙනත් විවිධාකාරයේ ප්‍රයෝජන රැසකින් යුත් ශාකයකි. විශේෂයෙන් අලි ඇතුන් මේවා ආහාරයට ගෙන මත් බවට පත් වන බවද ප්‍රකටය.

වවුලන් විසින් පරාගණය වේ. මෙම විශේෂය බොහෝ ප්‍රජාවන් අතර පූජනීය ලෙස සැළකෙන බැවින් වනාන්තර වල අ‌නෙකුත් ගස් කපා දැමුවද මේවා ආරක්ෂා වේ.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ ස්ථාන කිහිපයකම විශාල ප්‍රමාණයේ මෙම ශාක දැකගත හැකිය

සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,

ජායාරූපය – අයි.විජයරත්න

ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-