Spread the love
  • දෙබිඩි පොල්    Double coconut

(Lodoicea maldivica)

ඉන්දියානු සාගරයේ සීෂෙල්ස් හි සුන්දර දූපත් වල වැවෙන ජනප්‍රිය තාල වර්ගයේ ගසකි. මෙහි ගෙඩියේ කුටීර දෙකක් පිහිටි බැවින් දෙබිඩි පොල් ලෙස නම් කර ඇත. මෙහි ගැහැණු හා පිරිමි ශාක වෙන්ව පිහිටයි.

මෙය ලොව විශාලතම බීජ දරන ශාකයයි. ගෙඩි මේරීමට වර්ෂ හතක් පමණ ගතවේ. මේවා පැළ වීමට වසර දෙකක් පමණ ගතවේ. මෙම විශේෂය ගෝලීය IUCN රතු දත්ත ලැයිස්තුවේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

ඒවා වඳවී යාමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව පුරා උද්භිද උද්‍යානවල සංරක්ෂණය සිදු කරනු ලැබේ. 1850 වසරේදී පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට හඳුන්වා දී ඇති අතර මුල් වාසස්ථානයෙන් පිටත පිහිටි විශාලතම එකතුව මෙහි දී දැක ගත හැකි වීම විශේෂත්වයකි

සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,

ජායාරූපය – අයි.විජයරත්න

ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-