Spread the love

කොළඹ දුම්රිය ස්ථානයෙන් ඊයේ(05) පෙරවරු .05.55 ට බදුල්ල බලා ධාවනය වු සීඝ්‍රගාමි දුම්රියයේ වායු සමනය කළ පළමු පංතියේ හොරට ගමන් කළ විදේශිකයින් කළහකාරී ලෙස හැසිරීමේදි නීතිය නිසියාකාර අයුරින් ඉටු නොකළ නාවලපිටිය දුම්රිය කාර්යභාර නිළධාරියාගේ හා දුම්රියේ රැකවරණය සදහා යොදවා තිබු ආරක්ෂක නිලධාරින්දෙදෙනාගේ සේවය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වහාම අත්හිවුටා ඇත.
එම සිදුවීම බදුල්ල බලා ධාවනය වු දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතරකළ අවස්ථාවේදි ඊයේ සිදුවු අතර මෙ ම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දුමරිය සේවකයින් 6 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථා පොත අනුව යම් මගියෙකු කලහාකාරී ලෙස දුම්රිය මැදිරියක හැසිරෙන්නේ නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් 1964 ව්‍යවස්ථා පොතේ අංක 197 වගන්තිය යටතේ පැහැදිලිවම දක්වා ඇත.